Wednesday, January 4, 2017

I have become a happy baker

After all the knowledge I got through my MBA and MSC , I decided to start up something new- something different -something delicious- something to think about when am old :

SOOOOOOOOOO;


As a result ; I have become a baker ...

I design , I create , I invent , I taste and not only that I also market my products !

And the happy news is everyone who tasted my goodies - recommend me to everyone they come across : All my friends talk about my goodies where ever they go !

So the life is beautiful, meaningful, guilt free and love is over flowing ..

What else a woman want ? love, laughter and love !!!

cheers !!

Sunday, August 9, 2015

Amma

මේ ලෝකෙ උපදින හැම සත්වයෙකුටම අයිතිවාසිකම් තියෙන්නේ එක අම්මෙකුටයි , එක තාත්තෙකුටයි විතරයි . අප්‍රිකානු ආත්තෝපදේශයකිනුත් කියන විදියට , කිසිම කෙනෙකුට තමන් අයිතිවෙන පවුල තෝරාගන්න බෑ. ඒ අයිතිය ඉබේ ලැබෙන දෙයක්.
දරුවෙක් උපන් දා ඉඳන් , ලොකු මහත් වෙනකම් නොවිඳිනා දුක් විඳින දෙමාපියන් සිහිකරන්න දිනයක් ඕනද ? හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට ආදරේ කරන්නේ එකම විදියට. වෙනස තියෙන්නේ ඒ ආදරේ ප්‍රකාශ කරන විදියේ.
මගේ අම්මා ගැන මම හිතුවේ , හරිම හිතුවක්කාර විදියට. ඉතාම දරඳඩු military training එකක් තමයි පුන්චි කාලේ ඉඳලම මට ලැබුනේ. මම උයන්න ඉගෙන ගනිද්දි වයස අවුරුදු අටයි. මම දන්නා දවසේ ඉදන් අම්මට උදව්වට කෙනෙක් හිටියා. අම්මා ගුරුවරියක්. නමුත් උදේ පාන්දර නැගිටලා මිදුල අතුගෑම , ගේ අතුගෑම මගේ රාජකාරිවලින් කොටසක් බවට අම්මා පත්කරලා තිබුනා. හවසට මල් පාත්ති වලට වතුර දාන එක , පොල් ගාන එක , තුනපහ මිරිස් ගලේ අබරන එක ඉතිරි කොටස. හවසට නිදාගැනිම සපුරා තහනම් ! පුස්තකාල පොත් කියවන්න මම වෙන්කර ගත්තේ මේ හවස් කාලේ. රෑට නින්දට කලින් , අම්මා මුලු පොත් බෑග් එකම බලනවා. අත්වැරදීම් වලට කිසිම සමාවක් නෑ.
සෙනසුරාදා , ඉරිදා ගෙවෙන්නේ බොහොම නිස්කලංක විදියට. උදේම අප්පුච්චි එක්ක මාදැලෙන් මාලු ගේන්න යනවා.ඊට පස්සේ , ඒ මාලු සුද්ද කරනවා. මැල්ලුම මැලවීම, කොස් ලියන එක විතරක් නෙමේ , කජු කපන එකත් මට අයිති වෙච්චි වැඩ. කජු කැපුවාම කජු කිරි මැකෙන්න සති දෙකක්වත් යනවා. අත් දෙක දිහෑ බලන්න බෑ කැතයි. ඒත් අම්මා නෙමෙයි , ඒ ගැන වද වුනේ. මැශින් එකේ මහන්න, අතේ මෝස්තර මහන්න, cake හදන්න, නානා ප්‍රකාර දෝසී , කෙටි කැවිලි වලින් නොනැවතී කැවිලි හදන විදියත් අම්ම ඉගැන්නුවා. උනු උනු කිරිබත් කෙහෙල් කොලයක් එලපු වට්ටියකට දාලා, ලස්සනට වඩලා නිමෙන්න තියෙන අම්මා , ඊට පස්සේ පිහියේ මොට්ට පැත්තෙන් කෑලි කපනවා. බෙලෙක් පිඟානක් වට්ටිය යටින් මුනින් හරවලා තියන්නේ හොඳට කෑලි වෙන්වෙන්න.
දූවිලි පොදක් නැති ගෙයක ජීවත් වෙන්න මට ඉගැන්නුවේ අම්මා. කොච්චර වැඩ තිබුනත් මගේ ගෙදර සදහටම පිරිසිදුයි . ආසාවෙන් කෑම උයන්න, කෑම වල සුවඳ විඳින්න, තුනපහ රස කරන්න , කියලා දුන්නෙත් අම්මා. ශීතකරනය පිරිසිදු කිරීම , ගෙදර වැසිකිළි පිරිසිදු කිරීම තරමටම වටිනවා කිව්වෙත් අම්මාමයි.
එකවිඩක් අම්මා අලුතෙන්ම අරන් දුන්නු කුඩේ මගේ අතින් නැතිවුනා. පුලුවන් තරම් දහිරිය දාලා හෙව්වත් හොයා ගන්න බැරිවුනා. මට කියවුනේ අනේ අපොයි කියලා විතරමයි. මොකද අම්මා දැනගත්තා නම් දඬුවම බොහොම දරුනු වෙන්න ඉඩ තිබුනා. අනේ ඉතින් මම මාස තුනක් විතර වැස්සේ තෙමි තෙමී , අව්වේ පිච්චි පිච්චි දස දුකක් වින්දා. පොත් තෙමුනොත් , විනාසන් භාවන් හින්දා ඉටි කොලයක් ඇතුලේ දාලා තමයි බෑග් එක ඇතුලට පොත් දාගත්තේ. කොහොමහරි දවසක් අප්පුච්චිගේ හිතවතෙක් දැකලා තිබුනා මම විශාකා සිටුදේවිය වගේ සන්සුන් ගමනින් පාද යාත්‍රා කරගෙන මහා වැස්සේ තෙමි තෙමි ගෙදර එනවා. ඒ උත්තමයා මා ගැන උපන් හර්ද කම්පාවෙන් අපුච්චට දොස් කියලා තිබුනා. වැඩේ මාට්ටු. අප්පච්චි හරිම තෙත හදවතක් තියෙන ,ආදරනීය පුද්ගලයෙක්. කරුනාවන්තකමින් අග තැන්පත්. අප්පච්චි ඈහුවේ " ඇයි මගේ පුතා මට කිව්වේ නැත්තේ කුඩේ නැතිවුනා කියලා ?" " දෙයියනේ අප්පච්චි ඊට හොඳයි හිරේ යනවා. වඳින්නම් අම්මට කියන්න එපා"
පහුවදාම මට ලස්සන කුඩයක් හම්බවුනා . මට ගොඩක් මොලේ තිබුනු හින්දා , මම ඒ කුඩේ ගෙනාව කඩේට අප්පච්චි එක්කම ගිහින් තිබුනු කුඩේම ගෙනාවා. අදටත් මේ රහස අම්මා දන්නේ නෑ.
මල්ලිට අවුරුදු අටක් වෙද්දි , මල්ලිට අප්පච්චිගේ කාර් එක එලවන්න පුලුවන්.ඒත් මට තාම රියදුරු බලපත්‍රයක් නෑ. ඒ අම්මා නිසා. අවුරුදු 22ක් තිස්සේ මම ඒ අසාර්ථක ව්‍යායාමයේ යෙදෙනවා. එක අතකට liason තියෙන කට්ටිය වාහන එලවන විදිය දැක්කම, liason නැතිව වාහනේ එලවන මම හොඳයි කියලා හිතෙනවා.
අපි වියපත් වුනේ බොහොම ආදරනීය හැඟීම් වලින් හදවත පුරෝගෙන. අම්මාගේ ආදරේ අපේ ජීවිතවල යෝද හෙවනැල්ලක්. අපි යම් යම් අවස්තාවල මානසික පීඩා වලට ලක් වෙද්දි , හැමදාම හයියක් වුනේ අම්මාගේ වචන. මල්ලි ඉගෙන ගන්න එන්ගලන්තේ ගියදා , අම්මගේ ඇස් වලින් ගලපු කඳුලු ගඟ හිඳුනේ මල්ලි ලොකු මිනිහෙක් වෙලා ආපහු ආව දවසේ. මම මරනාසන්න ඩෙන්ගු රෝගියෙක් වෙලා නවලෝක රෝහලේ ඇඳක ඉද්දි ,අම්මා මගේ දරුවොත් බලාගෙන , මාවත් බලන්න ඇවිත්, බෝදිපූජාත් කරන ගමන් තනියෙම මැරි මැරි උපදින්න ඇති. මල්ලි හිටියානම් කියලා අම්මා කී පාරක් හිතන්න ඇතිද ; (අපේ ජීවිත කතා පොතේ යෝඪ වීරයා මගේ මල්ලී)
අම්මට පිලිකාවක් තියෙනවා කියලා දැනගත්තේ 1997 . මගේ දෙවෙනි උපත සිදුවුනේ ඒ දවසේ. මම වැඩිහිටියෙක් වුනේ එතකොට. මල්ලී අටේ පන්තියේ. මට අඬන්න කාලයක් තිබුනේ නෑ. දවස් ගානක් ඇතුලත අපි ශල්‍යකර්මයකුත් කරලා, අම්මව ඉන්දියාවට ගෙනිච්චා, වැඩිපුර ප්‍රතිකාර වලට. මම ගෙදර අම්මා වුනා. අම්මා උගන්නපු හැම දේකම වටිනාකම තේරුනා.
මගේ පුන්චි පැටව් දෙන්නම ලොකු මහත්වුනේ අම්මා එක්ක. සින්හල කතාකරද්දි සින්හල විතරක් කතා කරන්නත් , ඉන්ග්‍රීසි බැරි අය ලඟ ඉන්ග්‍රීසි කතා කරලා කාඩ්බෝඩ් වීරයො නොවෙන්නත් පොඩි කාලෙම අම්මා කියලා දුන්නා. මගේ දුවට වයස අවුරුදු 13යි . Kindle එකේ කියවනවට වඩා නියම පොතක රසය විඳ ගන්න දන්න තරමට මුහුකුරා ගිය මැනිකක්.. මුලු ගෙදරම පාලනය කරන්න පුලුවන් , හොදට උයන්න පුලුවන් ඒ වගේම අසාධාරණයට විරුද්ධව සටන් කරන්නත් ඒ විදියටම පුලුවන්. අම්මාගේ උත්සාහයේ ප්‍රතිඵල තමයි ඒ.
මේ හැමදේම ලස්සනට වුනේ අම්මාගේ බුද්ධිමත්කම නිසයි. අදටත් මගේ මල්ලීටයි , මටයි අපේ අම්මගෙන් අප්පුච්චිගෙන් තොර ලෝකයක් නෑ. කෝටියක් සල්ලි දෙනවා කිව්වත් අපි අම්මයි , අප්පුච්චියි දාලා දිව්‍යලෝකෙටවත් යන්නෙත් නෑ.
අපි හැමෝගෙම අම්මා ලඟ තියෙන්නේ හරිම සුන්දර ආදරයක් . මගේ ජීවිතේ මම දකින්න අකමැතිම දේ අම්මගේ ඇස් වල කඳුලු. මගේ මල්ලි තරම් නිහඬව අම්මට ආදරේ කරන චරිතයක් තාමත් මම දැකලා නෑ. මම කොච්චර උත්සාහ කරත් ,ඒ වගේ වෙන්නත් බෑ.ඒත් මගේ ආදරේ මටම ආවේණික හරිම සුන්දර දෙයක්.
ජීවිතේ උපදින හැම ආත්මෙකම මගේම අම්මා මට ලැබේවා කියන ප්‍රාර්ථනය හරිම ආත්මාර්තකාමීයි තමයි. ඒත් ඒ ප්‍රාර්ථනය හැම දවසකම මම කරනවා.
" ඇත්ත කතා කරද්දි බොරු මතක තියාගන්න ඕනේ නෑ. සන්තෝසේ සල්ලි වලට ගන්න බෑ. උගත්කම හොරකම් කරන්න බෑ. ලෝකෙ දිනන්න ඕනේ ආදර කරුනාවෙන් මිසක් මුදල් බලෙන් නෙමෙයි . " අම්මාගේ නිතර කියන කතා ටිකක්..

Tuesday, June 9, 2015

LET LIFE FLOWS









My blog is about my points of view on little stuff happening....and other random things which happen in people's  lives.I love music. I paint,sculpt,write poetry,and enjoy all mediums of the art.Apart from that I read hell of a lot about Management theories and concepts .I love reading the ideas and experiences of the Entreprenuers.I enjoy all sort of coffee table ideas. LOL. Life is all about living , not surviving !!
 I 'm heavy in to free thinking and non-conformist attitudes.I follow no trends but my Dreams.Myself and my thoughts all together on this page like photographs and words left on the coffee table just in order to take this misery out of me.

And , last but not least , why did I choose  PETER PAN as my theme name ? He never grows old !!I do not wanna grow old too. 

I love , living my life to the fullest !! 

Cheers !!